Sunday, May 24, 2015

ඔන්න පොසොනුත් එනවා....


         
මොනවද මොනවද ලියන්නේ කියල කල්පනා කරන කොට මුළින්ම හා හා පුරා කියල මට කල්පනාවට ආවේ පහු ගිය කාලේ වෙසකුත් තිබුණ නිසා අපේ බෞද්ධකම ගැන මගේ අත්දැකීම් ටිකක් ලියන්න ඕන කියලා.  වෙසකුත් පහුගිය කාලේ තිබුණා; ඔන්න දැන් ඊළඟට පොසොනුත් එනවා.  වෙසක් එකට කූඩු එහෙම එල්ලලා, දන්සැල් කාලා පොඩි fun එකකුත්අරන් ඇති අපේ කට්ටිය ? ඊළඟට පොසොන් එකට අනුරාධපුරේ පැත්තෙත් යන්න හිතාගෙනත් ඇති සමහරු.  දැන් ඉතින් මේ දවස්වල බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඉපිලිලා ඇති නේද කට්ටිය ? හරි; කමක් නෑ. ඔය ඔක්කොම දේවල් කරගන්නකෝ කට්ටිය.  ජීවිතයේ ඒකාකාරී බවෙත් වෙනසක් තියෙන්න එපාය නේද ?
අපේ ගෙවල්වල කට්ටියත් හරි හරියට වැඩ, පහුගිය කාලේ ඉඳලම.  හැබැයි, මම අතගැහුවොත් කූඩුවක් හරි අලවන්න, ඔක්කොම වර්චස් වෙනවා කියන දැඩි විශ්වාසය නිසා කට්ටිය මට අඬගහන්නේ නෑ.  ඉතින් මාත් බලන් ඉඳලා පොඩි fun එකක් ගත්තට, ඕවට වැඩිය අතගහන්නනම් යන්නේ නෑ.  හරි හරි; ඕවා එක්කොම පැත්තකින් තියමු. මේ දැන් කතාකරන්න ආපු කාරණාව කෙළින්ම කියන්නම්කෝ ඔයාලට.
ඇත්තටම මේ ඔක්කොම සැරසිලි-විච්චූර්ණ අස්සේ මට තදින්ම දැණෙන දෙයක් තමයි, මේ ඔක්කොම පට්ට බොරුවක් නේද කියන එක.  පුංචි කාලේ මේවා දැකලා ලොකු ආශ්වාදයක් ගත්තට දැන්නම් පට්ට කේන්තියකුත් මේ සැරසිලි අස්සෙම මතු වෙනවා.  ඇත්තටම ගෞතම බුදුන් වදාල ධර්මයද මේ මිනිස්සු කරන්නේ-ඒ විදියටමද ජීවත් වෙන්නේ කියල හිතන කොට දැනෙන පිළිකුල විස්තර කරන්න වචන නැති තරම් !
බුදුන්වහන්සේ ආමිස පූජාවන් හඳුන්වා දුන්නෙ පරිපූර්ණ පුජාවක් හැටියට නොවෙයි නේද ? ඒක ප්‍රතිපත්ති පූජාව කරා ගෙන එන මාර්ගයක් විතරයි. දැන් බැලූ බැල්මටනම් වැඩි හරියක් කෙරෙන්නේ ප්‍රතිපත්ති පූජා වගෙයි පෙනෙන්නෙ. ඒත්..........ඇත්ත මොකක්ද ? අපේ උන්නැහේලා ප්‍රතිපත්තිත්, ආමිස ම කරලා ! මේ නාඩගමේ ලොකුම කොටස කරන්නේ දන්සැල්වලින්.  ඇත්තම කියනවානම් වෙසක්වල ෆැෂන් එකක් වෙලා දැන් මේ දන්සැල්. 
ඔන්න පහු ගිය දවස්වල අපේ පැත්තේ අයියල කට්ටියක් ඇවිත්, දන්සැලක් දෙනව කියල සල්ලි එකතුකරන්න.  මං අඳුනන ඇන්ටි කෙනෙක්ගේ ගෙදරටත් ගිහින් මේ කට්ටිය. කොහොම හරි අපේ ඇන්ටි සල්ලි කීයක්ද මන්ද දීලත් තියෙනවා.  මේ ආපු කට්ටිය ඒ ඇන්ටිට බැනලයි ගිහින් තියෙන්නේ, දිපු සල්ලි ගාණ මදි කියලා.  ඔන්න, අපේ කට්ටියගේ බුද්ධාලම්භන ප්‍රීතියේ තරම ඉතින් !
තවත් කට්ටියක් දන්සැලකට කියලා ආධාර එකතු කරනවා කප්පරක්. පැයකින් දන්සැල ඉවරයි. ඉතිරි සල්ලිවලින් ඕන් ජෝගි දාලා පිස්සු කෙළින හැටි දැක්කාම.................................
ගිය අවුරුද්දේ වෙසක් සිරි නරඹන්න කියල යද්දී, බඩගින්නකට කියලා බත් දන්සැළකට ගියා.  ඔන්න ඉතින් ඒ යන කොටත් ඒක open කරල නෑ ලු නේ.  අයියෝ පෝලිමේ ඉන්න මිනිස්සු ඇතුලට යන්න පොර කන හැටි දැක්කා ම ලැජ්ජත් හිතෙනවා.  ඔන්න ඉතින් ඔය අතරේ අහිංසක-අසරණ මනුස්සයෙක්.  ඒ මනුස්සයානම් ඇත්තටම බඩගින්නෙන් වගේ තමයි පෙනුනේ.  දන්සැලට ඇතුල් වෙන්න ගියා කියලා එතැන හිටලු සංවිධායක- හොඳ සිල්වත් මහත්වරු ඒඅසරණයාට බැනලා එළවා ගත්තා, අර ලොකු බඩගෙඩියක් තියෙන ඇමතියා ඇවිත් නැති නිසා. ඇත්තමයි; කණ පැළෙන්න තරම් අර උපාසක හැත්තට දෙන්න හිතුන තරම්, ඒ වෙලාවේ !  ඇත්තටම අර ඇමතියා ඒ වෙලාව වෙන කොටත් එතැනට එන්නේ 5star හෝටලයකින් හොඳට කොටා බාලා බවත් උන් හොඳටම දන්නවත් ඇති.කොහොම කොහොම හරි වෙසක්-පොසොන් දන්සැල් බහුතරයක කෙරුවාව මේක තමයි.  අයියෝ... මුං මේ විකෘති කරගෙන දඟලන්නේ තමන් අදහනවාය කියන බුදුන් වහන්සේගේ ධර්මය නේද ? නැති උන් බඩගින්නේ ඉන්දෙද්දී, තියෙන උන්ගෙම බඩ පුරවන දන්සැල් ! අනික, එක දවසකින්- දෙකකින් කරන නාස්තියක තරමක් !
අපේ clz එකේ මුදලාලි හෙවත් Principle මේ පාර yoghurt දන්සැලක් දෙනවා කියලා clz එකේ ළමයින්ගෙන් ආධාර collection දැම්මා, වෙසක් එකට.  ඒත් ළමයින්ගේ clz feez  එකනම් අවුරුද්දෙන් අවුරුද්ද, ගාණට-ලස්සනට වැඩි කිරීම මේ පාරත් ඔය ෂෝක් එකට කරල තියෙන්නේ. 
හරි හරි ! මට ලැබුණ පුංචි පුංචි අද්දැකීම් ටිකක් තමයි බෙදා ගත්තේ.  ඒත් මේවා සමහර අයටනම් කොහොම බලපායිද දන්නේ නෑ.  මොනා කරන්නද ?  මට දැණෙන දේ ඔන්න මම බෙදා ගන්නවා.  ඒවා භාරගන්න විදිය ඔයාලගේ වැඩක්.  තවත් ලිව්වොත් එපා වෙන නිසා ඔන්න මම නවතිනවා.  හිතල-බලල මොනව හරි කරන්න බලමුකෝ ඉතින්.