අද මා ඔබට කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. මගේ හිතේ ගැටළුවක් මතු වෙල තියෙනවා; ඒ ‘මිත්‍රත්වය‘
ගැන.
පාසල් ජිවිතය කාලයේ ඉඳල ම මේ වෘත්තිය ජීවිතය කාලය දක්වාමත්
මාත් එක්ක එකට ගත කරන යෙහෙළියන් දෙන්නෙක් ඉන්නවා.
එකට කන-බොන, දුක-සැප බෙදාගන්න, එකට ඉගෙන ගත්තු, දැන් එකට රස්සා කරන යෙහෙළියෝ
දෙන්නෙක්. එක් කෙනෙක් අශාරි; අනිත් කෙනා
සමුද්‍රා. ඇත්තට ම ඉස්කෝලෙ කාලේ අපි තුන්
දෙනා අතරේ පට්ට fit එකක් තිබුණේ නෑ එහෙමට;
ඒත් දැන් අපේ කාර්යාල වේලාවෙන් වැඩි හරියක් එකටමයි ගත වෙන්නේ. ගොඩක් ළඟින් ආශ්‍රය කරන කොට, කාලයක් ගත වෙන කොට
ඒ දෙන්නගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා කියල වැටහෙන්න ගන්නවා. ඒක මිනිස් ගණුදෙනු ගැන
මොඩල් දෙකක් වගේ නිසා මට හිතුනා ලියන්න.
දැන්, මම සම්බන්ධයෙනුත් එතකොට මේ දෙන්නා වැඩ කරන්නේ
දෙවිදියකට. අශාරිට මගේ හැම ඕපදූපයක් ම
දැනගන්න ඕන. ගෙදර ඉන්නේ කව්ද, යන්නේ එන්නේ
කව්ද, අහල-පහළ කව්ද, ගෙදරට යන පාරේ බල්ලෝ කී දෙනෙක්ද, ගෙදර උයන්නේ-පිහන්නේ
මොනවද.....හපොයි මේ හැම දේම ! ඒ විතරක් නොවෙයි.
එයාගේ ඇස්-කන්වලට අහු නොවී, අහල-පහළක ඉන්න කාටවත් ම වගේ ම මටත් මුකුත් ම
කරන්න බෑ. අඩු ම ගානේ කැන්ටිමට ගිහින් තේ එකක් බොන්නවත්, අඵත් perfume එකක් ගන්නවත් ! එයාගේ මේ සීමාවක් නැති සොයාබැලීම්
ඇත්තටම මට වුණත් මළ කරදරයක්. ඉතින්
ගණුදෙනු නවත්වලා දාන්න තරමට එයා ව එපා වෙනවා. (ඒත්,ඒකත් කරන්න බැරි එහෙම තීරණයක්
ගත්තොත් මැරෙනකම් හේතු පැහැදිලි කරන්න වෙනවනේ ඒ ගැනත්; ඊට හොඳයි මේක ඉවසන් ඉන්න
එකත් කියල හිතෙනවා) කොහොම වුණත් මේ නිසා අන්තිමට අශාරි මළ වාතයක්, ඇනයක් විදියට
තමයි මටත් දැනෙන්නේ. තියුණු අපහාසාත්මක
වචන කියලා අනිත් කෙනාගේ හිත රිදවන්නත් ලොකු දක්ෂකමක් එයාට තියෙනවා කියල දන්න නිසා
මම අශාරි ව ගොඩක් දුරට මඟ හරින්න try කරනවා. එයා ළඟට එන බව දැණුනොත් මටත් කළින් මගේ හිත
මාරු වෙන්න පුළුවන් වෙන තැනක් හොයා ගෙන පියාඹනවා.
ඒත් සමුද්‍රා මේකෙ අනිත් පැත්ත. ඒ
නිසා එයාගේ යාළුකම මට වාතයක් වුණේ නැහැ.
එයා පෞද්ගලික තොරතුරු හාරා ඇවිස්සුවෙත් නැහැ; හිත රිදවන දේවල් plan කළෙත් නෑ. මේ නිසා සමහර විට සමුද්‍රා
ළඟ ගත කරන කාලය හිතට අස්වැසිල්ලක් වගේ වුණා.
කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන සමුද්‍රාගේ ඇසුර, අශාරිගේ ඇසුරට වඩා මාත්
ප්‍රිය කළා.
ඒත් යාළුවනේ........... මේ ලෝකය හරිම පුදුමාකාරයි; සම්බන්ධකම් ඊටත් වඩා පුදුමාකාරයි. අනුන්ගේ ජීවිත අස්සට මහ අවිනීත විදියට කඩා පනින
අශාරිගේ ගතිගුණවලට වඩා මම වුණත් ප්‍රිය කරපු සමුද්‍රාගේ උපේක්ෂාසහගත මිත්‍රත්වය
යටින් තියෙන්නේ වෙන දෙයක් කියල මට දැනෙන්න ගත්තා.
මොකද ? Ofc එකේදී වුණත්, ගෙදරදී වුණත් මම පොඩි හරි කරදරේක වැටුණු වෙලාවක තාමත් මට
උදව්වට එන්නේ සමුද්‍රා නෙවෙයි, අශාරි.
කාටත් කරදරයක් නැතිව, තමන්ගේ පාඩුවේ ඉන්න සමුද්‍රා ඒ වගේ විපත්තිකර
වෙලාවකත් සුපුරුදු මුණිවත ම රකිනවා.
කවදාවත් මගේ sms එකකට, cll එකකට reply නොකරන සමුද්‍රා එයාගේ උවමනාවක් ආවාම sms, clls දාන්නේ Highspeed X-press කෝච්චියක් පරදන ඉක්මනකින්. මම ofc ආවේ නැති දවසක මගේ Phone screen එකේ තියෙන්නේ අශාරිගේ මිස
සමුද්‍රාගේ විමසීමක් නෙවෙයි. මේ හැම දේම stdy කරල බලපුවාම මට වැටහෙන්නේ කාටවත් හිරිහැරයක් නැති ජීවිතයක් සමුද්‍රා ගත
කරන්නේ, එහෙම දැනුවත් තීරණයක් අරගෙන නෙවෙයි කියලා. අනිත් කෙනාට, තමන් ළඟ ම ඉන්න කෙනෙකුට වුණත් මොන
මඟුලක් වුණත් සමුද්‍රාට ඒක තමන්ට අදාල නැති දෙයක් හැටියට ඉන්න පුළුවන් නිසා. සමුද්‍රාට අනිත් අයගෙන් ගන්න දෙයක් මිස අනිත්
අයට දෙන්න කිසිම දෙයක් නැහැ. අනිත්
පැත්තෙන් අශාරිට තියෙන ප්රශ්නය, එයාගේ අභිමානය, අනන්‍යතාවය අනිත් අය ගොදුරු කර
ගන්නේ නැතිව ගොඩදාගන්න බැහැ. ඒ නිසා එයා
අනිත් අයගේ ජීවිත අස්සට මොන විදියට හරි කඩා පැනලා, මොන විදියේ දෙයක් හරි
කරනවා.