ඉස්කෝලේ කාලේ යාළුකම් හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති ඔයාලටත්.
පුංචි කාලේ ඉඳලා මාත් එක්කත් එකට හිටපු යහළුවෝ පස්දෙනෙක් හිටියා. සිංදු කිව්වේ, කෑවේ-බිව්වේ, රණ්ඩු වුණේ, සෙල්ලම් කළේ එකට. මොන දේ කළත් එකට ඉන්න තරම් ලොකු fit එකක් තිබුණා. තරහ වුණත් සැණෙකින් වැරදි වටහා ගෙන ආයෙත් හිටියටත් වඩා හොඳින් ඉන්න පුළුවන් මාර යාළුකමක් තිබුණා. ටික ටික ලොකු වෙද්දී පංති කැඩුණා. අපි එකිනෙකා අළුත් අළුත් පංතිවලට වැටුණා. සමිපකමේ පොඩි දුරස්ථභාවයක් තිබුණට යාළුකම එහෙමම තිබුණා. අපි හිනා වුණා; විහිළු කළා; පංති ගියා එකට. හරිම ලෙංගතුයි. අපි තවත් ලොකු වුණා . එකිනෙකාගෙන් තීරණාත්මක ලෙස වෙන් වෙන්න අපිට සිදු වුණා. A/L වලින් පස්සේ අපි තව තවත් දුරස් වුණා. msgs, Calls ටික ටික අඩු වුණා. අපි කට්ටියටම එහෙම වුණා. අපි පාසල් සමයේ මවන් හිටපු සුරංගනා ලෝක නැති වෙලා අපිට ඇත්ත ලෝකය මුණ ගැහුණා. දෙමව්පියන්ගෙන් යැපෙන්න පුරුදු වුන අපිට ජීවන බර දැනෙන්න ගත්තා. ඒක නිසාම රස්සාවල් කරන්න වුණා. ලොකු වුණා ම මෙහෙම කෙනෙක් වෙනවා, අරහෙම කෙනෙක් වෙනවා කියලා අපි දැකපු හීන අපි කථා වුණා. දැන් අපි ඇත්තටම ලොකු වෙලා. ඇත්ත ලෝකය, අපේ සුරංගනා ලෝකවලට ඉඩ දුන්නේ නෑ, ගොඩාක් වෙලාවට. අපි බලාපොරොත්තු වුණේ එකක්; අපිට කරන්න වුණේ තව එකක්. අපේ යාළුවෝ කට්ටිය එතකොටත් පාරතොටේ, බස් හෝල්ට් එකේ, බස් එකේ ඉඳහිට හරි හමු වුණා. ඒත් අපි හිනා වුණා; කථා කරා.
තවත් කල් ගත වුණා. මට රජයේ සේවයේ අතවැසියෙක් වෙන්න වුණා. මාත් එක්ක හිටපු තවත් යාළුවෙකුත් ඒ රස්සාවටම පැන ගත්තා. අපේ යාළුවෝ සෙට් එකේ එක්කෙනෙකුට තාත්තා job කරන්න දෙන්නේ නෑ ලු; ඉතින් එයා ගෙදරට වෙලා ඔහේ කල්මරමින් ඉන්නවා. තව කෙනෙක් එක එක පොඩි පොඩි රස්සාවල් කරමින් ඉන්නවා. අපි අතරින් එකම එක්කෙනෙකුට විතරක් එයාගේ සිහිනය රස්සාවක් විදියට හමු වුණා. එයා කැමති වුණේ Air Hostess කෙනෙක් වෙන්න. එයාගේ ඇඟත් ඒකට හොඳට ගැලපුණා. ඉතින් අපි අපේ සිහිනවලට තවමත් ට්‍රයි කරද්දී එයාට එයාගේ සිහිණය සැබෑ කරගන්න පුළුවන් වුණා. ඉතින් එයා Air Hostess කෙනෙක් වුණා කීවම මටත් ලොකු සතුටක් දැණුනා. ඒත් එයාට විෂ් කරන්නවත් මට බැරි වුණා. මේ සුබ ආරංචිය එයා ම කීවානම් මම ඒ වෙලේ ම විෂ් කරනවා අනිවාර්යයෙන්; මට ඒක කරන්න ඕනකම තිබුණා. මේ හිත හදා ගන්න කියනවා නොවෙයි; මට එයාගෙන් ම නැතිව වෙන වෙන අයගෙන් මේ ආරංචිය ආවාම විෂ් කරන්න ඕන කියල හිතලා, වැඩේ කල්යනවා. මතක් වෙන වෙලාවේ මොනවා හරි අඩුවක්. මගෙත් වැරැද්ද තමයි. කොහොම හරි ඉතින් ඒකත් කරගන්න බැරි වෙලා ගියා.
මේ ළඟදී දවසක එයාගේ තාත්තා accident එකකින් නැති වුණා. මාත් එක්ක වැඩ කරන අනිත් යාළුවා මට ඒ ආරංචිය ගෙනාවේ. ඒ තාත්තාව මම දන්නෙවත් නෑ. ඒත් ඒ අපේ පරණ හොඳම යාළුවෝ සෙට් එකේ එක්කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතින් පහුවෙනිදා මම අම්මත් එක්ක ගියා මළගෙදරට. ඇත්තටම ඒ මගේ යාළුවා වෙනුවෙන්මයි. අවුරුදු ගණනකට පස්සේ මම මගේ යාළුවා දැක්කේ. එයා ගොඩක් සුදු වෙලා; ලස්සන වෙලා. ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැණුනා. මට ඕන වුණා කතා කරන්න. ඒත් එයා අපිව දැකලා “එන්නං” කියා ගෙන එතනින් ගියා. ඒ අතරෙම එයාගේ ඔෆීස් එකේ කියන්න පුළුවන් තව කට්ටියක් ආවා. එයා ගියේ ඒ අය ළඟට. මම අම්මත් එක්ක එහා පැත්තට වෙලා ඉඳ ගෙන බලා හිටියා. එක වචනයක්වත් කතා කරන්න මගේ යාළුවා මම ළඟටත් ඒවිද කොයි වෙලාවේ හරි...? ඇයි දෙයියනේ අපි ආවේ එයා වෙනුවෙන් කියලා එයාට තේරෙන්නේ නැද්ද ? නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද ? නැත්නම් වෙන මොකක් හරි තරහක්වත්ද ? පස්සේ මට තේරුණේ එයාගේ අළුත් ofc යාළුවෝ ඉන්දැද්දී අපි එක්ක කතා කරන එක එයාට මදිකමක් වගේ දැනෙන්ත් ඇති කියලා. එකිනෙකා හඳුන්වා දෙන වෙලාවකදීවත්, එයාට මාව මතක් වුණේ ම නෑ. මාව විතරක් නොවෙයි; ඒ වෙද්දීත් බඩ බැඳ ගෙන වගේ මළගෙදර පදිංචි වෙලා හිටපු මගේ අනිත් යාළුවාවත්..... මේ අර අල්ලන සෙල්ලම් කරපු මගේ යාළුවාමද ? Teachersලට හොරෙන් දිවුල් අච්චාරු කාපු යාළුවාමද ? ගණන් ඉගෙන ගන්න එකට පංති ගිය යාළුවාමද ? මට අදහා ගන්න බෑ. මට දුකකුත් දැණුනා; ලැජ්ජත් හිතුනා. අම්මට මොනවා කියන්නද ? අපි නැගිට්ටා. එයා ළඟට ගියා. අපි යනවා කීවා. අම්මත් කීවා “ යන්නම් දුව” කියලා. “Thnkz Aunty” එච්චරමයි එයා කීවේ; ඒකත් අම්මට විතරයි.
මට ගොඩාක් දුකයි. ඒත් එයා ඒ විදියට වෙනස් වෙලා කියලා හිතන්න ඊටත් වඩා දුකයි. නෑ; ඒක එහෙම වෙන්න බෑ. මගේ හිත සංරක්ෂණ ප්‍රයෝග හොයා ගෙන ගියා. එයාට තාත්තාගේ මරණය නිසා ගොඩක් දුක ඇති. ඒ නිසා කතා කරගන්න බැරිව ඇති. ඒත්, එතකොට අනිත් අයත් එක්ක කතා කළේ ? මොළේ, හිතට යුද්ධ ප්‍රකාශ කරනවා. මට උත්තර නෑ. අවසන් කටයුතු දවසේ යම්දෝ- නොයම්දෝ කියලා හිත හිතා ඉන්න කොට තවත් යාළුවෙක් තනියම යන්න බෑ කිය කියා වැළපුනා. ඒත් මට ඒ තරම් හිතක් නෑ යන්න. අන්තිමට එයා එහෙම වෙනස් වෙලා නෑ කියලා හිත මට ඒත්තු ගන්වන්න try කරද්දී මම එකඟ වුණා, එයත් එක්ක අවසන් දවසෙත් යන්න.
ඔන්න ඉතින් අන්තිමට මම ගියා. ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ගෙදරටත් ගියා. ඒ, එයා එක්ක කතා කරන්න ඕන නිසා වචන කීපයක්වත්. මම ගියා එයා ළඟට. එයා යද්දී, මම එයාගේ අතින් අල්ලලා කතා කළා. අත අහකට අරගෙන “යන්නම්” කියා ගෙන එයා එදත් තරප්පු පෙළ නැඟල අළුත් යාළුවන් අතරට ගියා. මට දැණුනේ මම ළඟ හෙනයක් පිපිරුවා වගේ.
ඔව්; එයා වෙනස් වෙලා. එයාගේ මුහුණ, ඇඳුම්-පැළඳුම් විතරක් නොවෙයි; එයා හිතන-පතන විදියත් ගොඩාක් වෙනස් වෙලා. ඉස්කෝලේ කාලේ අපි හිටියේ එකම පංතියක තමයි. ඒත් දැන් අපි වෙනස් පංතිවල. මම ඉස්සරහ පුපුරපු හෙනයේ එළියෙන් මට මේ දේවල් පේන්න ගත්තා.
හැම දේම වෙන්වෙන ලෝකේ පොඩි යාළුකමක් විතරක් වෙනස් නොවී තියෙන්නේ කොහොමද?
ReplyDeleteඅපි පාසල් යන කාලේ නොවෙයි, විශ්ව විද්‍යාලයේ ගිය කාලේවත් මොබයිල් ෆෝන්, ෆේස් බුක්, ඊ-මේල් තිබුණේ නැ. ඉතිං ගමේ යාලුවෝ නම් ඉඳ හිටලා හෝ මුණ ගැහුණත්, පසු කාලේ යාළුවෝ නම් වසර ගණනක් ගිහින්වත් හමුවෙන්නේ නෑ. එහෙං මෙහෙං ආරංචි වෙන තොරතුරු විතරයි.
මා සමග 1-5 ශ්‍රේණිවල සිටි අයගෙන් මං තාමත් දන්නේ එක් අයෙකු විතරයි. ඒකට හේතුව ඔහු ඒ දිනවල අපි පදිංචිව සිටි අපේ ආච්චිලා ගේ ඉඩමට අල්ලපු වත්තේ තාමත් පදිංචිව සිටීමයි.
කාන්තා පක්‍ෂයට ඊලඟට වෙන දේ තමයි කසාද බැඳලා වාසගම් මාරු කරළා ලියන්න ගත්තාම අන්තර්ජාලයේ දී වත් හොයා ගන්න බැරි වෙන එක.
ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒත් මේක ‘වෙනස් වීම‘ට වඩා ‘වෙනස් කිරීම; ‘අමතක වීම‘ට වඩා ‘අමතක කිරීම‘. පුංචි කාලේ අපට අපේ ‘තත්වයන්‘. බලපෑවේ අඩුවෙන්. ලොකු වෙන කොට ඒකේ බලපෑම වැඩිවෙනවා; වැඩියෙන් පේන්නත් ගන්නවා.
Deleteඒ ඒ අය ඒ ඒ විදිහ.... කැඩපතක් වෙන්න.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteවැරදි රිප්ලයි එකක් කෙටුනා. ඉතින් ඩිලීට් කරල දැම්මා. කැඩපතක් වීම වැදගත්. කැඩපතෙන් පේන දේ හරියට දැකගන්න පුළුවන ඇසුත් ඕන නේ. සමහර විට ඇස් තියුණු වෙන්නේ මේ වගේ සිද්ධි එක්ක. ඒකයි මේ අත්දැකීම බෙදාගන්න හිතුවේ.
Deleteඅල්ලලා දාන්න එයාට එපා නම් අපිටත් එපා කියලා..
ReplyDeleteඇත්ත 1 ඒක තමයි කරන්න තියෙන්නේ. ඒත් මේ සිදුවිම්වලින් අපට දෙයක් ඉගෙන ගන්න තියෙන එක ගොඩක් වැදගත්.
ReplyDeleteඔය උඹ හිහින් තියෙන්නෙ මැරෙන්නෙ නෑ කියල හිතා ගෙන ඉන්න කෙනෙක් ළඟට...ගනන් ගන්න එපා ...උන් අපි ඔක්කොම දවසක යටියන්තොට යනව..උඹගේ යාලුව ඉතින් ගොඩක් උඩින් යන කෙනෙක් නෙ එකයි කතා කරන්න නැතුව ඇත්තෙ....
ReplyDeleteසමසහරුන්ට එහෙම වෙනව නේ. හි හි...ගොඩක් පහළින් යන උන්ට පවා...එහෙම වෙන්නේ කොහොමද කියන එක ගැන තේරුම් ගන්න පොඩි ආලෝකයක් මේ සිද්ධයෙන් ලැබුණා. ඉස්කෝලේ පංතියේදි නොදැන හිටපු ‘පංතිය‘ ගැන තේරුම් ගන්න පොඩි ආලෝකයක් ලැබුණා. ඉතින් යාළුවා ගැන වෛරයක් දැනෙන්නෙත් නෑ දැන්
Deleteඑක එක අය එක එක විදිහයි.. මගෙත් පුංචි අත්දැකීමක් මතක් උනා.. අපිත් එක්ක එකට පාසැල් ගිය.. අපට වඩා අවුරුදු කිහිපයකින් බාල නැගණියක් මිය ගිය පුවතක් ආරංචි උණා.. ඉතිං දැනගත් දවසෙම.. අපේ ප්‍රදේශයේ ඉන්න අපි හතරදෙනෙක් කතා වෙලා මළගෙදර ගියා.. ඇත්තටම අපි හතර දෙනා එකට හමුවුණේ.. අවුරුදු 16කට විතර පස්සෙ වෙන්න ඇති.. ඒත් ඉඳ හිට හැම කෙනාවම මුණගැහිලා තිබුණා.. මේ අතර හිටපු එක් අයෙක්.. පහුගිය කාලෙම හමු වුණාම කතා කළේ ටිකක් අමුතු විදිහට.. ඉතිං එදත්.. අපි හමු වෙලා පැයක් විතර කතා කළත්.. මේ යාළුවා කතා කළේ.. අර අමුතු ගැම්මෙන්ම තමයි..ඒත්.. තව දුරටත් කතා කරද්දි.. අපට පරණ යාළුවා ව හමු වුණා..ඉස්සර වගේ ම සැහැල්ලුවෙන් කතා කරන්න පටං ගත්තා.. ඇත්තටම ඔහුටත් ඔහුව අමතක වෙලා තියෙන්න ඇත්තේ.. ඒත් ඊට පස්සෙ.. ආයෙ හමු වුණත්.. ඔහු අමුතු කෙනෙක් ම තමයි.. බොහෝ පුද්ගලයන්.. තමන්ගෙ තනතුරුත් එක්ක.. තරාතිරමත් එක්ක... වගකීම්, බැඳීම් එක්ක තමාව අහිමි කරගෙන කියන කාරණය ඉතා පැහැදිලියි.. ඒක කණගාටුවට කරුණක් .. ඒත් ඉතිං තනි අපි මොනවා කරන්ටද?
ReplyDelete