Tuesday, November 10, 2015

රාජ්‍ය පරිපාලනයේ ගොන් පාර්ට් !


අපේ වගේ රටවල පරිපාලනය යනු ගොන් part එකක් බවයි මගේ අත්දැකීම.  විශේෂයෙන් ම රාජ්‍ය පරිපාලනය කියන්නේනම් පට්ට ම පට්ට ගොන් part එකක්.  වැඩවසම් රජ කාලේ මිනිස්සුන් ට වැඩ බෙදලා තිබුණේ උත්පත්තියෙන් ඒවා උරුම වුණ විදියට පෙන්වලා.  ඒවායේ උස්-පහත්කම් පවත්ව ගෙන ගියේ ඉන්න හිටින තැන්, ඇඳුම-පැළඳුම වගේ ඒවායේ වෙනස්කම් වලින්.  යටින් ලොකු වෙනසක් නොකර සුද්දෝ එක පාරටම අපේ සමාජයට පටවලා යන පරිපාලන ක්‍රමයක් තියෙනවා.   ඒකේ ගොඩක් ඒවා දැන් උන්වත් පවත්වගෙන යන්නේ නැහැ.  කරුමේ කියන්නේ ඒක නොවෙයි.  මේක අස්සේ අදටත් ඉතිරි කර ගෙන ඉන්න අපේ පෞරානික උරුමය !
රාජ්‍ය පරිපාලනයේ වැදගත් ම වැඩකටයුතු වෙලා තියෙන්නේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ-රැවුල් මෝස්තර, වෙලාව ගත වන පරිදි පුටුවල වාඩි වි සිටීම, ආගමික යාතිකා-පුද පූජාවන් කරවීම වැනි වැදගත් කාරණා පවත්වා ගෙන යාම යි !
මේ අපේ ofc එකේ මතු වෙලා තියෙන ඒ වගේ වැදගත් අර්බුදයක් ගැන. 
කාලාන්තරයක් තිස්සේ manager නෝනා මහත්තුරුයි, clerical  නෝනා මහත්තුරුයි අතරේ අලි ගැටුමක් තියෙනවා.  ඒ දෙවෙනි කණ්ඩායමේ  කළමනාකරණ සහකාර එක්ක සංවර්ධන සහකාර නෝනා මහත්තුරුත් ඉන්නවා.  
කාලයක් තිස්සෙ ම clerical නෝනා-මහත්තුරු වැඩ කරන්න පහසුකම් ඉල්ලනවා.  Manager නෝනා මහත්තුරු තියෙන පහසුකම්වලින් වැඩ ඉල්ලනවා.  පහසුකම් නැත්නම් වැඩ කරන්නේ මොකෙන්ද කියල අරගොල්ල අහනවා.  මෙච්චර කල් වැඩ කෙරුවේ මොන පහසුකම් වලින් ද කියල මේ ගොල්ලා අහනවා.  මේකේ ඉතින් ඉවරයක් නෑ.  අර 'සීනි ගෝනිය හා කූඹි' කතන්දරේ වගේ දිගට ම යතෑකි. 
මේ කතන්දරේට මුල් වෙලා තියෙන්නේ කොම්පියුටර්.
ඒ කතාව මෙහෙමයි.  අපේ ඔෆීස් එකේ ලිපිකරුවෝ දහයකට මැනේජර්ස්ලා දහයකුත් ඉන්නවා.  මැනේජර්ස්ලාට ලොකු වැඩක් තියෙනවා තමයි.  ආයතනය දුවන්නේ එයාලගේ තීන්දු තීරණ මතින්.  එහෙම කීවට මේවා මහ ලොකුවට දුවන ආයතනත් නෙවෙයි තමයි.  ඔය ආණ්ඩුවේ අනිත් කොයි එකත් වගේ. කොහොම වුණත් මේවා තියෙන තුරු ඒ තීරණ වැඩේ කරන්නේ එයාල නේ.  ඒ ගන්න තීන්දු තීරණ උඩ ලිපිලේඛණ වැඩ ඔක්කොම එන්නේ clericals ලට.  ඉතින් එයාලටත් වැඩ රාජකාරි බොහෝමයයි.  දැන් මේ හැම දේ ම කරන්න clericalsලට තියෙන්නේ coputers තුනයි ! ඒත් manager ල එක්කෙනාට එක ගාණේ computers තියෙනවා. මේක තමයි ප්‍රධාන ම ප්‍රශ්නය.  managers ලට computers දීල තියෙන්නේ එයාලගේ තනතුර ට ආභරණයක් හැටියට මිසක්, ඒවායේ දවස ම ඉඳගෙන කරන්න වැඩක් එයාලට ඇති නිසා නොවෙයි.  ඒ වගේ ම එයාල clericalsලට ඒ විදියට computers දෙනවට විරුද්ධ එතකොට clericals ලත් තමන්ගේ මට්ටමට වැටෙනවා කියන ප්‍රශ්නය උඩ ! ඉතින් clericals ලා කියනවා මේ computers තුනෙන් වැඩ කරන්න වුණේ සංගීත පුටු තරඟයක් කර කර ලු.  මොකද, එක්කෙනෙක් නැගිටිනකම් ඉන්න ඕන තව කෙනෙක්ට වැඩක් කරගන්න.  ඒත් managers ලා ගොඩක් වෙලාවට සීට්වල නෑ.  mtngs, seminars... ඔය වගේ කප්පරක් දේවල් ! ඉතින් එයාලගේ කොම්පියුටර්ස් කාගෙන්වත් කරදරයක් නැතිව ඔහේ තියෙනවා ලු ! මේක දරා ගන්න ම බැරි වුණ තැන clericals ලා ප්‍රසිද්ධියේ ම මේක විවේචනය කරන්න, දොස් පවරන්න විතරක් නොවෙයි, අකුරට වැඩ කරන්නත් පටන් ගත්ත ලු.  මේ නිසා වැඩ බ්ලොක් වෙන්න ගත්තා ම ලොක්කෝ තීරණය කළා ලු, අන්තිමට clericals ලටත් එක්කෙනාට එක ගාණේ computers දෙන්න. 
හැබැයි, managersලයි, clericalsලයි අතර වෙනසක් තියෙන්නත් එපැයි ! u-tube, fb වගේ අන්තර්ජාල සේවා ඔක්කොම තහනම් කරල තමයි clericals ලට මේවා දුන්නේ.  එතකොට ඒවා පාවිච්චි කිරීමේ හැකියාව පැත්තෙන් managersලා උසස් නේ ! හිහ් හිහ් !
ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් ඉතිරි වෙලා තිබුණාලු.  ලිපිකරුවෝ දහදෙනාට ම එකම එක ප්‍රින්ටරයයි ! ඒකත් managers ලා දහදෙනාගේ computersවලට printers දහයක් දෙන අතරේ ! ලිපිකරුවන්ට තියෙන එකත් පරණ කැඩිච්ච එකක් !  දැන්නම් managersගේ printers පවා සවුත්තු වෙලා; ඒ වැඩක් ගන්නෙ ම නැතිව තිබිල කියලයි clericalsලා කියන්නේ.
තවත් (නි)රස රහසක් මම හෙළිදරව් කරන්නම්.  clericalsලටත් computer වැඩ ගොඩක් බෑ.  ඒත් මේ ආයතනයෙන් ඒ උවමනාව කියලා ඒකට කට්ටිය බඳව ගන්නෙත් නෑ මොකද, රාජ්‍ය සේවයේ අළුත් තනතුරක් ඇති කරනව කියන්නේ අඟහරු ලෝකෙට යනවටත් වඩා වැඩි අමාරු වැඩක් ලු !  ඉතින් ඒ වැඩ ඇත්තට ම කරන්න වෙන්නේ පහළම ශ්‍රේණිවලට පත්වීම් දීල තියෙන, ඒත් මේ වැඩ හොඳට ම දන්න තවත් කට්ටියකට !  ඒ ගොල්ලන් ව ඒ තනතුරක් ඇති කරල එහෙම බඳව ගන්නවට clericalsලත් විරුද්ධයි.  මොකද, එතකොට එයාලගේ තත්වෙට මොකද වෙන්නේ නේද !
ඉතින් මේ ප්‍රශ්න ඉවර නොවී ඇදී යන අතරේ තවත් අළුත් ප්‍රශ්නයක් උද්ගත වෙලා.                      
ඒ තමයි උෂ්ණත්වය ඉහළ යාම ! ලෝකයෙත් එහෙම ප්‍රශ්ණයක් තියෙනවා තමයි.  ඒත් අපේ ofc එකේ තරමට කොහෙවත් නැතිව ඇති ! මොතැනදීත් managers ලගේ roomsවලට A/C දාල තියෙන්නේ.  දැන් අනිත්  අය තැම්බෙනවා.  ඉතින් මේකත් කසු-කුසුවක මට්ටමේ ඉඳලා ටිකක් සද්දෙට යන කතාවක් බවට දැන් දැන් පත් වේගෙන යනවා.  මේ ප්‍රශ්නෙට පිළියමක් හැටියට රෝවරයක් හයි කළා.  ඒත් ඒකෙන් වෙච්ච විසඳුමක්නම් නෑ.  ඉතින් කට්ටිය තැම්බෙනවා; වේලෙනවා.  ඒ අතරේ managersලගේ කාමරවලට A/C තිබුණට එයාලා ඒ කාමරවල නෑ. 
ඒත් ඉතින් තත්වය රැකගන්න A/C එක තියෙන්න එපා යැ !
ඉතින් ලිපිකරුවන්ගේ A/C උද්ඝෝෂණයත් නැගලා යන කොට, දවසක් ලොක්කා ආවා.  එයා ලිපිකරුවන්ට ඇඟිල්ලක් දිගු කරලා කියනවා "මොන බොරුද ? මෙතැන කිසිම රස්සනයක් නෑ. ඔයාල බොරුවට A/C ඉල්ලන්න එපා" කියලා.  එයාගේ නිගමනය මොකක්ද දන්නවද ? අර computers දෙන වෙලාවේ adjestable පුටු දුන්නා කට්ටියට.  ලොක්කා කියනවා රස්නේ එන්නේ මේවයින් ලූ ! එතකොට විසඳුම වෙන්නේ පරණ වේවැල් පුටුවට ආයෙමත් යන එක ! මොකෝ මේ පුටු මෙයාලගේ තත්වෙට හොඳ වැඩි !
හෙහ් හෙහ් ! 

ඔන්න ඔහොමයි, මේ අපේ සුපින්වත් දිවයිනේ වැඩ සහ බඩු අතරේ සම්බන්ධය ! එකයි, මට හිතෙන්නේ විශේෂයෙන් ම රාජ්‍ය පරිපාලනය කියන්නේ අමු ම  අමු ගොන් part එකක් කියලා !   

2 comments:

  1. මෙහෙත් ඔහොම කාලයක් තිබ්බා. අපි අකුරට වැඩ කළා. ටිකෙන් ටික තත්ත්වෙ වෙනස් වුනා, අවුරුද්දක් ඇතුළත.

    ReplyDelete
    Replies
    1. වැඩ කරන්න ඕන දේවල් සහ කරන වැඩ අතර සම්බන්ධයක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ උපකරණ-ඇඳුම් වගේ දේවල්වලින් මහන්තත්තකම පෙන්වීමේ පොරයක්. මේ ප්‍රශ්නයනම් රටේ කොහේවත් විසඳිල නෑ කියලයි මම හිතන්නේ

      Delete