Saturday, June 6, 2015

මගේ ප්‍රයිමරි ගුරුවරු සෙට් එක සහ තවත් අය

           
චූටි කාලේ ඉඳලම අපි ගොඩාක් මුණ ගැහුණ, ජීවිතයට ගොඩක් සම්බන්ධ, ගොඩක් බලපෑම් කරපු පිරිසක් නේ ගුරුවරු කියන්නේ.  මගේ ජීවිතයට වගේ ම ඔයාලගේ ජීවිතවලටත් මේ ගුරුවරු සෙට් එකෙන් ලොකු බලපෑමක් වෙන්න ඇති නේද ?  කැමතිම ගුරුවරු වගේ ම පෙන්නන්න බැරි අකමැති ම ගුරුවරු සෙට් එකකුත් ඇති නේ ඔය කාගේ කාගේත් ජිවිතවලට හම්බ වෙලා....අනේ මන්දා......ගුරුවරු මාරයි ; ශ්‍රේෂ්ටයි කීවට මගේ ජීවිතයටනම් මට හමු වෙලා තියෙන ගුරු සෙට් එකෙන් බහුතරයක්ම මාර අප්සෙට් කට්ටියක්.  මමනම්, අවුරුදු දහතුනටම ආශාවෙන් ස්කූල් ගියේ අන්තිම අවුරුදු දෙකේ තමයි.  මොකද, එතකොට ගුරුවරුත් අඩුයි; විෂයනුත් අඩුයි; යාළුවොනම් වැඩියි.  ප්‍රධනම එක තමයි දෙයියනේ කියලා අවසාන අවුරුද්දේ හොඳ ගුරුවරු සෙට් එකක් ලැබුණා.  ඒ ලෙවල්වල හොඳම පැමිණීමකුත් මට තිබුණා.  අනිත් හැම අවුරුද්දෙම සතියට දවස් දෙක-තුනක්ම කට් කරලා හොඳ වාර්තාවක් මම තියලා තිබ්බා, කාටවත් සෙකන්ඩ් නොවෙන්න ! 
හරි ; කොහොම හරි අපේ ස්කූල් එකේ ලොකු ටිචර්ස්ලා සෙට් එකක් හිටියා.  එක වසර පංතිය ගැනත් මට යන්තමට වගේ මතකයි.  පංති භාර ටිචර් ගැන කියනවානම්, එයා මාර හොඳ වගේ දැණුනා අපි පංතියට ආ මුල් දවසේ.  හරි ආදරෙන් තමයි කතා කරලා අපිව පිළිගත්තේ.  ඒත් ටික දවසත් එහෙම යන කොට එයා ළමයින්ටත් වඩා ළමයින්ගේ දෙමාපියන්ට ගොඩාක් ආදරෙයි කියලා දැණෙන්න ගත්තා.  ළමයින්ගේ අම්මටයි, තාත්තටයි ගොඩාාාක් සල්ලි තියෙනවනම්, එයා ඒ ළමයටත් ගොඩාාාාක් ආදරෙයි...! අම්මෝ ඉතින් ඒ තෝරා බේරා ගන්න ළමයින්ව හරියට හුරතල් කෙරුවා.  එයාගේ හුරතලේ සීමාවක් නෑ.  අපි වගේ අසරණයින්ට ඉතින් හුළං තමයි !
අපේ දෙක වසරේ ටීචර්ගේ විශේෂත්වය තමයි, ඇඳුම්-පැළඳුම් ලස්සනට-සුදට -පිරිසුදුවට තියෙන ළමයින්ට එයා හරි ආදරෙයි.  හොඳ සැළකිල්ලක් දක්වනවා.  අපි පුංචි වුණත් ඒක හොඳටම තේරුණා. 
තුන වසරේ ටිචර්ව මතක් වෙන කොටත්, හුස්ම හිරවෙනවා.  එයාගේ නපුරු මූණ මකත් වෙන කොටත්, බය හිතෙනවා.  එයා හිතන්නේ ළමයින්ට අල්ලගෙන හොඳටම තැළුවාම ළමයින්ගේ බුද්ධිය පහළ වෙනවා කියලා. 
හතර වසර කෙනානම් හරි හොඳයි.  ඇත්තටම එයා ළමයින්ට ආදරෙයි.  ඒත් එයා හරිම අපිරිසිදුයි; අපිළිවෙලයි.  ඒකයි එයාගේ ලොකුම අඩුපාඩුව.
පහ වසර කෙනානම් සම්පූර්ණයෙන් ම පංතිය කොටස් දෙකකට බෙදල තිබුණේ.  එයා හැම තිස්සෙම උගන්වන්නේ දක්ෂයන්ට ම විතරයි.  අනෙක් කොටස ගැන එහෙමම අමතක වෙලා එයාට.  ඒ මදිවට ළමයින්ව හරියට කොන් කළා.  සමහර සිද්ධි ගැන මතක් වෙන කොටත් දුකයි. 
ප්‍රයිමරියෙන් එහාටත් ලොකු වෙනසක් වුණේ නෑ. 
අපේ හය වසර පංති භාර ටීචර්නම් මගේ නමවත් දැන ගෙන හිටියේ නෑ.  මං වගේ ළමයෙක් ඉන්නව කියලවත් එයා දැන ගෙන හිටියේ නැහැ, මට දැනිච්ච විදියටනම්.

ඔය වගේ එතැනින් එහාට ලැබුනු ගුරුවරුත් තනිකර පක්ෂපාතීත්වය, පිළිවෙල, ආර්ථික මට්ටම්, පෞද්ගලික හිතවත්කම්, අඳුම්-පැළඳුම්, දක්ෂ-අදක්ෂබව මත තමයි ළමයින්ට ආදරේ වෙන්න, උගන්වන්න තෝරගන්නේ.  හොඳ ගුරුවරු ඇති.  ඒ අතරිනුත් සමහරු ඒ කාලේ එහෙම තෝරගත්ත ළමයින් විසින් ප්‍රතිඋපකාරයක් හැටියට හොඳයි කියලා තෝරගත්ත අයත් ඇති.  මගේ පාසල් ජීවිතයෙන්නම් හොඳයි කියල දහයක් තෝරගන්න හරි අමාරුයි ගුරුවරු.  ඒත් දාන-පිංකම්, සිල් සමාදන්, බෝධි පූජාවලින්නම් අඩුවක් නෑ.  ඒත් ශිෂ්‍යයෙක් තේරුම් අරගෙන උගන්වන්න තරම්නම් මොළයක් නැති පිරිසක් තමයි බහුතරයක් ගුරුවරු.  ඒත් තව දෙයක් ති‍යෙනවා; අතේ ඇඟිලි ඔක්කොම එක සමාන නෑ වගේ මේක සියළුම ගුරුවරුන්ට පොදු කාරණයක් නොවෙයි.  ඒත්, ඔයාලත් ටිකක් හිතල බලන්නකෝ.....             

13 comments:

  1. ඔය ප්‍රයිමරි ටීචර්ලට පුළුවන් ළමයෙක්ගෙ අනාගතේ ඉවරම කරලා දාන්න. ළදරු පාසැල්, ආරම්භක ශ්‍රේණි කියන්නේ මේ රටේ අනාගතය හදන පැල තවාන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව ! ඒත් මේ කතාව ප්‍රයිමරියෙන් ඉවර වුණේ නෑ. ඒකයි් මේකේ ඊළඟ නරක කොටස.

      Delete
  2. ප්‍රථමික අධ්‍යාපනයේදී සෑම ළමයෙක් ගැනම අවධානය යොමු කලයුතු වුවත් බහුතරයක් පාසැල් වල එහෙම වෙන්නෙ නෑ. කියල තියෙනවා වගේ එක එක බෙදීම් නිසා. ඕක නිසාම ගොඩක් ළමයි නොමග යන අවස්ථාත් එමටයි. ඕවා ඉතිං හැදුවෙ නැත්තං අපේ අනාගත පරපුරට අබ සරණ තමා.

    බ්ලොග් එකට තව ගැජට් ටිකක් එකතු කරලා හදල ගත්තොත් හොඳයි නේද? සින්ඩි වලටත් එකතු කරන්න බ්ලොග් එක.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රයිමරියෙන් එහාටත් මේ ‘ප්‍රයිමරි‘ තත්වයම තමයි අත් විඳින්න තියෙන්නේ. දිර ගැන්වීම් හා මඟ පෙන්වීම් ගැන මනාට ගොඩක් ස්තූතියි !

      Delete
  3. /* මමනම්, අවුරුදු දහතුනටම ......... ස්කූල් ගියේ */

    ආපහු ගාන හදලා බලන්න. අපි දන්නේම නැතුව එක අවුරුද්දක් අපෙන් උදුරාගෙන නේද කියලා එතකොට තේරේවි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්........ඒත් තා එහෙම එකක් තේරුණේ නෑ. හැබැයි අපේ ඒ අවුරුදු දහතුනමත්, ඊට පස්සෙත් මොකක්දෝ දෙයක් උදුරගෙන තියෙන බවක් තේරෙනවා.

      Delete
    2. ඒක වෙන්නේ මෙහෙමයි.
      හිතන්න 2000 ජනවාරියේ පාසල් ගිය ළමයෙක්.
      සාමාන්‍ය පෙළ කරන්නේ 2010 දෙසැම්බරයේ දී. ප්‍රතිපල එනකම් ඉඳලා උසස් පෙළ කරන්න පටන් ගන්නේ 2011 දී. උසස් පෙළ 2013 දී. ගතවුණු කාලය අවුරුදු 14 යි. අවුරුද්දක් නිකම්ම අස්ථාන ගතවෙලා!

      Delete
    3. හරි ! ඔයත් හරි ! මාත් හරි ! පැහැදිලි කිරිම ගැන ගොඩක් තැන්ක්ස් ! 2000දි ඉස්කෝලේ පටන්ගත් ළමයෙක් O/L කරන්නේ 2011. රිසල්ට්ස් එනකම් ඉඳලා, දැනට ඉන්න පංතිය අයින් වෙලා යනකම් ඉඳලා, A/L පංතියට ඇතුල් වෙන්නේ 2012 මැයි-ජුනි වගේ. විභාගේ කරන්නේ 2014 දී. ඉස්කෝලේ යන මුළු අවුරුදු ගණන 13යි. ඒ 13 ගත වෙන්න 14ක් යනවා !

      Delete
    4. හරි ! ඔයත් හරි ! මාත් හරි ! පැහැදිලි කිරිම ගැන ගොඩක් තැන්ක්ස් ! 2000දි ඉස්කෝලේ පටන්ගත් ළමයෙක් O/L කරන්නේ 2011. රිසල්ට්ස් එනකම් ඉඳලා, දැනට ඉන්න පංතිය අයින් වෙලා යනකම් ඉඳලා, A/L පංතියට ඇතුල් වෙන්නේ 2012 මැයි-ජුනි වගේ. විභාගේ කරන්නේ 2014 දී. ඉස්කෝලේ යන මුළු අවුරුදු ගණන 13යි. ඒ 13 ගත වෙන්න 14ක් යනවා !

      Delete
    5. මා පාසල් ගිය කාලයේ ඔය එක වසර, දෙක වසර කියා කතාවක් තිබුණේ නෑ.

      මා පළමුවෙනි ශ්‍රේණියේ සිට 12 වෙනි ශ්‍රේණිය දක්වා තමයි පාසල් ගියේ. ඒ අනුව වසර 12 යි, නමුත් වයස අවුරුදු පහයි මාස දෙකේ දී පාසල් ගිය මා, උසස් පෙළ කරන විට වයස 17 යි මාස 10 යි. විශ්ව විද්‍යාලට ගොස් සති තුනකින් මගේ 19 වෙනි උපන් දිනය තිබුණා. අවුරුදු දෙකක්ම මට නැතිවුණේ එහෙමයි.

      Delete
    6. හරි ! මට තේරුණා ! ඉස්කෝලෙයි, කැම්පස් එකයි අතරෙදී අවුරුද්දක් නැති වෙලා... ! රසිකලොජිස්ට්, ගොඩාක් අගය කරනවා, කොමෙන්ට් කිරීමෙන් නොනැවතී තමන් කියපු දේ පැහැදිලි කිරීම වෙනුවෙන් දිගටම මේ ඩයලොග් එකේ රැඳී ඉඳිම ගැන. විශේෂයෙන් ම මම වගේ අළුත් බ්ලොගර් කෙනෙකුගේ පුංචි බ්ලොග් එකකත්. (මීට කළින් මම දක්වපු ප්‍රතිචාරය අතුරුදන් වෙලා ! කව්ද දන්නේ මොනව වුණාද- කොහේ ගියාද කියලා !)

      Delete
  4. මං 1-5 පන්තිවලදී පන්තියේ සිටි හොඳම ළමයා, පිරිසිදුම ළමයා, පිළිවෙලට අඳින ළමයා, දෙමව්පියන්ව ටීචර් දන්න ළමයා, දක්‍ෂම ළමයා හින්දා ද කොහෙද හැම ටීචර්ම මට කැමතියි...!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් රසිකලොජිස්ට් ‘වාසනාවන්තයි‘ ! එහෙම වෙන්නේ කොහොමද කියල දැකගන්න පුළුවන් නිසා ගොඩක් වාසනාවන්තයි.

      Delete